Back to Top

By Pubudu Siriwansa

7622f2_0f767304da94451994765e9543cc02f4~mv2

හැත්තෑ දෙවන කොටස…

                              දින සති මාස ගනන් එක්වෙමින් පුරා දෑවසරක්ද සපිරෙන්නට අසන්න වෙමින් තිබිනි. දැනුම මත ඇවිඳ යාම තරම් රසවත් සංචාරයක් තවත් ඇතිදැයි සිතන තරම්ය. විවිධ ගුරු කුල, කල්ලි කන්ඩායම් නොසලකමින් කෙනෙකුට එසේ යම් දුරක් වත් යන්නට හැකි වන්නේ කලාතුරකින් බව ඔනේම අවංක හදාරන්නෙකුට ඉතා කෙටිකලකින් ප්‍රත්‍යක්ෂ වන සත්‍යයක් බව බහුල මතයකි. අප ගමන එතරම් රසවත් ඇබ්බැහියක්ද බවට පත්වෙමින් තිබිනි. සරලව පවසන්නේ නම් “වරක් එදෙසට ඇතුලු වුවෙකුට නැවත ආපසු එන්නට නොහැකි” වන බව අපූර්ව අත්දැකීමකි. කඳු මුදුනත මෙන්ම උද්‍යානයද පමනක් නොව මද අඳුර කඩින් කඩ බිඳ දමන දැල්වෙන පහන් කනු වලින්  ගැවස ගත් නගරයේ කලබලකාරී නොවන මාවත්ද සමග හිතවත් අවන්හලද හැදෑරීමේ සමහර සංකේත වෙමින් නැවත සටහන් මතට පැමිනෙමින් තිබිනි. දෑරීමට අපහසුම වන අවස්ථාවලදී අප සියල්ල අමතක කර දමමින් නගරයේ හෝ ආසන්න නගරයක නාට්‍යශාලාවකට නැතිනම් චිත්‍ර හෝ මූර්ති දැක්මකට අවධානය යොමු කරන්නට කටයුතු කලෙමු. ලොව පුරා බොහෝ හැදෑරුම් ආයතනයන්ගේ සහය අප වෙතට මනාව ලැබෙමින් තිබිනි. “ඉතා කලාතුරකින් ලැබෙන අවස්ථාවක්” මිත්‍ර හදාරන්නකු තත්වය කෙටියෙන් පැහැදිලි කර සිටියේ එලෙසය. ගුරුකුල කන්ඩායම් යන්න සරල තත්වයක් නොවෙයි. ලෝකයේ වාසය කල වඩාත් ගැබුරු හදාරන්නන් පවා අසරන කරන්න මේ ප්‍රාථමික ලක්ෂනයට හැකිවෙලා තිබුනා…

Why-religions-succeeds-where-humanism-fails

හැත්තැ එක් වන කොටස…

         තත්වය උනුසුම් නොවන ලෙසට පවතවාගෙන යාමේ වගකීම කිසිවිටක අත් නොහරින්නට අප දෙදෙන හැම විටම වග බලා ගතිමු. “සමහර සංකල්ප භාවිතාවන්” මිනිස් වර්ගයා අත්පත්කර ගෙන ඇති අනෙකුත් විෂයන් හා සසදත්දී කොතරම් සරල ඒවා වුවද ඒවා විසින් දෛනික මිනිස් ජීවිත වෙතට කරමින් සිටිනා කාර්යභාරය මහත් විය. ඒවා මිනිස් සංස්කෘතික ගොඩ නැගීම් තුල තීරනාර්ත්මක සාධකව පැවතිම නොසලකා හැරීම සමහර විටක ජීවිත පිලිබදව ගැටලුවක් තරම් සංකීර්න විය හැකි බවට ඔනෑ තරම් උදාහරන විය. “ඇත්තම තත්වය තමයි මිනිසුන්ට බැහැ පරම දහම මත ජීවත් වන්නට. ඔවුනට සිදුවෙනවා දහම ඇසුරෙන් හදාගත් උප සංස්කෘතියක් නිර්මාණය කර ගන්නට. වඩාත් අපූරුතම කාරනය තමයි එයද වටපිටාවේ වන ඒ කියන්නේ තම මව් සංස්කෘතියේ අනෙකුත් විෂයන්ගේ වන චලනයන් සමග නොවීම බොහෝ ගැටලු ඇති කරවන සුලු බව. බලන්න සමහර ආගම් රටා දිහා. දන්නවද? වඩාත්ම තීරනාත්මකයි ඈත අතීතයේ කඳුසිකර මහ මුහුද වගේ ස්වබාවික බදක විසින් පාලනය කරමින් සිටි ඔවුන්ගේ අනනයතාවයන් නොසලකන වුන් පාලනය සදහා, මම කියන්නේ  මේ දහම් රටාවන් මේ විදිහට නොපිලි පදින්නම් පාලනයට ගෙනැවිත් තිබූ දහම් අන පනත් වර්ථමානයේ වන දියුනු ලොකයේ තවත් ජාතීන් දක්වා එරෙහිව යෝදා ගන්නට පටන් ගැනීම “. එම අදහස යෝජනා කල ජර්මානු ජාතික මහාචාර්යවරයා තම ජීවිතකාලයෙන් අඩකටත් වඩ සම්පූර්නයෙන් වැයකර තිබුනේ මිනිස් කථාන්දරයේ ඈතම භාගයේ සිට අද දක්වා වන ආගම් සංස්කෘතීන් පිලිබදව වන නෙක මූලාශ්‍ර හැදෑරීම සදහාය. ඔහුගේ සමහර නිර්වචන දරුනු ප්‍රතික්ශේපකිරීම් වලට ලක්ව තිබිනි. ” මේකයි… බොහෝ ආගම් දහම් කියන්නේ අපි හිතන අධයාත්මය සුපැහැදිලි කරන වඩාත් ඉහල මානසික මට්ටම් වලට අප ගෙන යන උපදෙස් මාලාවන් පමනක්ම නොවෙයි. ඒවා විසින් එම සංස්කෘතීන් වල නෙක අවශයතාවයන්ද සපුරලමින් ඉන්නවා. සමහර වෙලාවට එම දහමේ මුල් භාගයේ කියවෙන වටිනාකම් පවා නොසලකන තරමට. මේක සංකීර්න තත්වයක්. බොහෝ හදාරන්නන් මේ හා සමාන ස්ථරවලට තම හැදෑරීම ගෙන ඒමෙන් අනතුරුව විශය තුල අතුරුදහන් වන බවක් පෙන්වනවා. සමහර වෙලාවට ඒක ඔවුන් තුලින්ම එන දරාගත නොහැකි බවක් වෙන්නට පුලුවනි. තමන්ගේම අධයාත්මික පදනම දෙදරීම ඔවුනට දරා ගන්නට බැරිවෙනවා වෙන්නට පුලුවන්. තවත් සමහර විටක  බාහිරින් එන තර්ජන වෙන්නට පුලුවන්”. ඔහු ගැන වන සමස්ථ නිර්වචනයක් ඔහුගේම වචනවලින් පවසන්නේ නම් “ඔවු ඇත්ත මම බොහෝ දුර ඇවිද්දා. ඒත් දැන් මම මගේ තාවකාලික නේවාසිකාගාරයට සිය කැමැත්තෙන් කො‍ටුවෙලා ඉන්නවා. දැන් මට අපහසුයි ඒ අධයාත්මික අනාරක්ශිත බව දරා ගන්නට”

A couple celebrating.

හැත්තෑවන කොටස…

    ජීවිතයේ හමුවූ වඩාත්ම අපූරු දවස් ගොනුව වේගයෙන් ගෙවී යමින් තිබිනි. සාර්ථක දේශන මාලාව වෘතීය තෘප්තිකර බව මනා ලෙසට ගෙනෙමින් තිබිනි. සමහර දිනවලදී මධ්‍යම රාත්‍රිය වන තෙක් අපගේ සටහ් පෙල සමග කටයුතු කරන අතර ඉන්පසුව තොරතුරු ලෝකයේ නවතම් හැසිරීම්, හැරවුම් පිලිබදව හදාරන්නට අවශය විය. විටක ඉඅ කටයුතු අවසන් වන විට ඉලග දිනය උදාව තිබිනි. ඉතා සුලු විවේක ගැනීමකින් අනතුරුව දේශන කටයුතු ඇරබුවද වෙහෙසකර බව නොදැනෙන්නාක් තරම් විය. ප්‍රබෝධය සියල්ලට ඉහලින් ජීවිතය වෙතටට දැනෙමින් තිබිනි.
මිනිස් වර්ගයා අත නොගැසිය යුතුම විෂය අවකාශයක් වෙතට අප පිවිසෙමින් සිටියෙමු. “ශාස්තෲවරුන්” එම මාතෘකාව විය. පෘතුවිය මත ගොඩ නැගෙන මිනිස් ශිස්ථාචාරයේ ප්‍රදාන හැරවුම් ඔවුන් විසින් ගෙනෙන ලදී. ඒ නිසාමදෝ මිනිස් අධ්‍යාත්මයේ ඉහලම තලයේ වඩාත් සුපැහැදිලිව එම අනන්‍යතාවයන් සටහන්ව තිබිනි. ලොව පුරා සිදුවූ බොහෝ මිනිස් අර්බුදවලට මෙම අනනයතා නිරන්තරයෙන් පාදකවූවා පමනක් නොව හෙට දිනයේදීද එසේම වන බවට කිසිදු සැකයක් නැති තරම් විය. “ඔවූහු කොහෝ සිට හෝ පැමිනෙන්නෝද>? නැතිනම් මිනිස් සමාජ අවකාශයන්ගෙන්ම ඉහලට ගොඩ නැගෙන්නෝද? ” අදී නෙක ආකාර ගත් විමසීන් අප වෙතට සටහන් කරන්නට අවශ්‍යව තිබිනි. ලොවපුරා විවිධ හැදෑරුම් ආයතනවල සිටින මිතුරන් හරහා වඩාත් නවතම තොරතුරු ‍රැස්කරන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
ලෝකයේ වන සංවේධීම අවකාශයක් අප පසුකරමින් සිටියෙමු. මිනිස් වර්ගයාගෙන් වැඩියෙන්ම රුධිරය ගලා යන්නට හේතුවූ මාතෘකාවක වූ නිසාම බොහෝ හදාරන්නන් එම විෂය වෙතට පැමිනියේම භක්තිය මූලිකව විනා මධ්‍යස්ථව නොවී තිබිනි. මිනිස් ජීවියාගේ මුල් ස්වභාවයෙන්ම හිමි පෘතුවි සිරකරු බවෙන් මිදෙන්නට ඔවුනට වන ආශාව කැමැත්ත හා උවමනාව සියලු ඉගැන්වීම් වල කැපී පෙනෙන බව අපගේ එක් ස්ථාවරයක් විය. “ඔවුනට අවශ්‍ය වනවා වලාකුලු ඉක්මවමින් අනන්තයට පියාබා යන්නට”. “ඔවුනට අවශ්‍ය වනවා තම ජීවිතය පාලනය කරන භෞතික, සමාජීය කාරනාවලින් ඔබ්බෙන් වන අවකාශයක් නිර්මානය කර ගන්න”. තවත් විටකදී “ඔවුනට අවශ්‍ය වනවා තමන් තම මුල් ප්‍රාථමික ස්වභාවයෙන් පැමිනෙන ගුනාංග වඩාත් අර්ථවත් ඒවා වෙතට නංවා ගන්නට අවශ්‍ය සහයක්”.

lead_large

හැට නමවන කොටස…

            එය මද සීතැති සැදෑවක් විය. කඳු මුදුනත වෙත අප පැමිනියෙමු. නොකඩවා ගලා ගිය දෙසතියකට ආසන්න සටහන් කරනයට මද විරාමයක් දී කඳු මුදුනත දිවෙන පා මාවත ඔස්සේ ඇවිඳිමින් මද සැහැල්ලුවක් ලබන්නට අප තර එකගතාවයක් පැමින තිබිනි. පලමු හෝරාව පුරාවටම අපගේ ප්‍රධාන මාතෘකාව මග හැර සිටින්නට අපට හැකි විනි.  “එතකොට ඇයි දැන් ශාස්තෲවරුන් බිහි නොවන්නේ”. සටහනේ එලබෙන මාතෘකාව පිලිබදව දෙබසකට ඇයට වන අවශ්‍යතාවය තව දුරටත් මග හැර සිටින්නට නොහැකිව ඇතුවා සේය. “මම හිතන්නේ වර්ථමානය වන විට මිනිස් වර්ගයාට තම මනස හා කය පිලිබදව වන ගැටලුව පිලිබදව අවධානය තමන් අවට වන පරිසරය වෙතට වැඩි යෙන් යොමුවෙලා ඉවරයි. ඔවුන් තව දුරටත් තමන්ගේ අභියෝග හා ඉලක්ක ජය ගන්නට තමන්ගේ පරිසරය වැඩි වැඩි යෙන් භාවිතාකරමින් සිටිනවා. අනික අද වන විට ඔවුන් අසරන වීම තම තම සමාජයන් ඇසුරෙන් ගොඩ නගා ගන්නා විසදුම් සමග අවම කරගන්නට සමත් වෙලා තියෙනවා වගේම තව තවත් එසේ කරගන්නට කටයුතු කරමින් සිටිනවා. තව දුරටත් ඔවුන්ට ඉහල අහසේ වලාකුලු ඉරා ගෙන එන , මිහිකත දෙබෑ කරමින් එන තමන්ට වඩා අපමන ශක්තියක් තියෙන සංකල්ප අවශ්‍ය වන්නේ නැහැ. අනික සාමාන්‍යයෙන් ඔවුන්ගේ විමසුම් හැකියාවත් ඉහල මට්ටමක පවතිනවා. මම හිතන්නේ මේ හැම කාරනයක්ම එකතුවෙලා ඔවුන් තවදුරටත් එවැනි බලාපොරොත්තු තබන්නේ නැති ජීවිත අවකාශයක් නිර්මානය කරගෙන තිබෙනවා”.  වරක් ටිබෙටියානු මිතුරා යාබද  ගම්මුන් පිලිබදව පැහැදිලි කිරීමක් මතකයට නැගේ. “ඔවුන් අහසට ගරුකරනවා. අනන්ත අපමන තරුකැට සාගරය බාවනා නිමිත්තක් වගේ භාවිතාකරනවා. හැබැයි ඔවුන් කිසිවක් බලාපොරොත්තු වෙමින් සිටින්නේ නැහැ. සරලව කිව්වොත් ඒ වෙතට බලයක් ආරෝපනය කරන්නට උත්සාහ කරන්නේ නැහැ. එක් අතකින් ඔවුන් ඒ වෙතට දක්වන්නේ “පසුකල ආදරනීය ලබැඳියාවකට වන සුහඳ බවක්” වගේ දෙයක්”. ඇය තම පියවර වේගය අඩුකරමින් මා ගත් නිහැඩියාවේ අරුත විමසන්නාසේ  විය. “ඇත්තටම ඔවුන් ත්ම ගැටලු සදහා තම පරිසරය, ඔවුන්ගේ කායික මානසික හැකියාවන්  ගැන විස්වාසය තබනවා විනා ඇදිහිලි විස්වාශ පද්ධති වෙතට එතරම් නැබුරුවක් නැහැ. මම හිතන්නේ ඔවුන්ට තම ශක්ති හැකියාවන් විමසා ගන්නට තවදුරටත් කැඩපත් අවශ්‍යව නැතුවා වෙන්නට පුලුවන්.”

winter-solstice-facts.jpg.653x0_q80_crop-smart

හැට අටවන කොටස…

     ක්‍රමයෙන් මුත් අහබු ලෙසට  පැමිනි ශීත බව අපගේ සිත් හෑදෑරුම් සටහන වෙතට වඩාත් ඇද බැද තබන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නාය. සමහර දිනවල පෙර සටහන වෙතට පි‍ටු විස්සක් පමන එක්කරන්නට අපට හැකිවිය. අපගේ පොඳු ඉලක්කය වෙතට වන නාභිගත බව වැඩි වෙත්ම සටහන් පෙල වඩාත් පෝශනයෙන් පිරුන එකක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලි වන්නට විය. ඇය තම අධ්‍යාපනය සම්බන්දව කටයුතු කරන ප්‍රධාන පෙලේ හැදෑරුම් ආයතනයක ආචාර්යවරයෙක් එම සටහන් නැවත කියවමින් නිවැරදිකර දෙන්නට කැමැත්තෙන් ඉදිරිපත්වීම මහත් පහසුවක් විය. ආශ්‍රමයට ඔබ්බෙන් වන ගම්මානය එම සටහනේ ප්‍රස්තූතය විය. ඒ ඇසුරින් මිනිස් වර්ගයාගේ කථාන්දරයේ සමහර හැරවුම්, තීරනාත්මක  ස්ථානයන් පිලිබදව අප නැවත නිර්වචන ගෙනෙන්නට කටයුතු කෙරෙවෙමු. “හෙට දවස වඩාත් අර්ථවත් කරගනට නම් මිනිස් කථාන්දරය වඩාත් ඵලදායී ලෙසට නැවත අර්ථදක්වා ගන්නට සිදුව තිබේ”  සටහනෙහි ප්‍රධාන පෙලට යටින් නිරන්තරයෙන් කෙලින්ම මෙන්ම ව්‍යංගාර්ථයෙන් නැවත නැවතත් යෝජනා කරන්නට අපට අවශ්‍ය විය. ශීත බව ඉඩ දෙන තරමට වඩාත් පැහැදිලි දවස් වල කඳු මුදුනතටද , ඊලග දවස් වල නගරයේ උද්‍යානයටද, අපහසුම දිනවල සුපුරුදු අවන්හල වෙතටද යමින් නොකඩවා කටයුත්ත ඉදිරියට ගෙනයන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
නගරයේ අවන්හල් හිමිකරු අප වෙතට වඩාත් සහය සදහා ඉදිරිපත් විය. සතිඅන්තයන් වලදී අප දවස පුරා කටයුතු කරන විට දහවල් ආහාරය උද්‍යානය වෙතට එවන්නට, අපගේ ඇනවුම් කෙසේ වෙතත් අප ප්‍රියකරන ආහාරයන් එක්කරන්න ටත් ඔහුට අවශ්‍ය විය. විවේකයක් ලැබුනු විගස අප සමග කථාබහකරන්නට ඔහු කාර්යාලයෙන් පිටතට පැමිනීම සිදුවිය. මීලග නිවාඩුවට ඔහු ආශ්‍රමය වෙතට යන්නට සැලසුම් කරන්නට පටන් ගෙන තිබිනි. දුරස්ථ දේශන මාලාව නිසා විය පැහැදැම් ගැටලුවක් නොවිනි. සාර්ථක දේශනමාලාවක් සදහා නිරන්තරයෙන් නව දැනුම යාවත්කාලීන කරගන්නට සෑම දිනකම උදෑසන හෝරා තුන හතරක් වැය කරන්නට අවශ්‍ය විය. සහභාගී වන්නන්ගේ ධනාත්මක ප්‍රථිචාර ඒ සදහා මහත් උත්තේජකයක් විය. සමහර සිසු සිසුවියන් ඊමේල්, ‍ටුවිටර්, සමාජ ජාලා ඔස්සේ වැඩි දුරටත් සම්බන්ද වෙමින් වැඩි දුර තොරතුරු විමසන්නට මෙන්ම අපගේ හැදෑරීම්  සටහන් කටයුත්ත තොරතුරු ලබා දෙන්නට පවා ඉදිරිපත්වීම  මහත් සතුටක් විය.

214335-3e6115d0-0978-11e3-83dc-3d9ceca4e3ce

හැට හත්වන කොටස..

                   “මිනිස් වර්ගයාගේ අකුරු හැකියාව තිරයක් මත චලනය වන දෑතේ මහපට ඇගිලි වල චලනයන් බවට පමනක් ඌනනය වෙමින් ඇත” දිනක් විෂය තුලට වන දේශනයක් ද ඊලග දිනයේදී විෂයෙන් ප්‍රායෝගිල ලෝකය දෙසට වන ආකාරයට දේශන පෙල සැකසී තිබුනි. දෙවන දිනයේ මාතෘකාව එලෙසට යෙදී තිබිනි. වේගයෙන් භාවිතයට පැමිනෙමින් ඇති ජංගම උපාංග සමග වන වර්චුවල් යතුරු පුවරුව මෙහෙය වන වඩාත් පහසුම අකාරය නිසාම එම භාවිතය බහුල වෙමින් ඇති බවට වන නිරීක්ශනය මතම මා එම මාතෘකාව ‍තෝරා ගන්නට තීර්නය කලෙමි. වර්චුල් ඇසිස්ටන්ට් වල පැමිනිම වඩාත් සංකීර්නව හා දෛනික ජීවිතයේ සියලුම පාහේ භාවිතාවන්ට වඩාත් නම්‍යව සිදුව තිබුනද මිනිස්වර්ගයාගේ අකුරු කිරීමේ හැකියාව තවමත් ප්‍රධානව තිබීම සමහර විද්වතුන්ගේ පුදුමයත් තවත් සමහරක්ගේ සතුටටත් කාරනයක්ව තිබිනි. තම ගල්ගුහාවක බිත්තිය මත රලු ගල් කැටයකින් ඇදෙන රලු ඉරි කැබලි කිහිපයකින් ඇරබෙන දිගු කථාන්දර අනාගතයේදී යලිත් ඔහුගේ පැරනිතම හා සමීපතම සංනිවේදන හැකියා වෙතට ඌනනය වීම අනිවර්ය බව පැහැදිලි කරමින් එම දේශන දෙකම අවසන් කරන්නට කටයුතු කලෙමි. පසු දේශන ගැටලු විමසීම් ඔස්සේ සිදුවෙමින් ඇති මෙම පරිවර්ථනය පිලිබදව ගැටලු කිහිපයක් නැගුනද වසර කිහිපයකට පෙරදී මෙන් දැඩි විරෝධී ස්වභාවයේ ඒවා නොවීම පැහැදිලිව දැකිය හැකි විය. අවසානයේ පරිනාම අවශ්‍යතාවය සමග එකග වන්නට මිනිස් වර්ගයාට සිදුවීම අතීතයේ සිටම අදටද වලංගුව පවතින බව පැහැදිලිය. තවමත් පැහැදිලි නොවුනද ඉදිරි දශක කිහිපය පසුකරමින් ඉදිරියට යන මිනිසාට තම සිතුවිලි නැතිනම් මිනිස් මනසින් නිකුත්වන තරංග ඔස්සේ එකිනෙකා සමග සංනිවේදනය සාමාන්‍ය වනු ඇති බව ඉතා පැහැදිලිය. වේගයෙන් කුඩා වෙමින් යන දත්ත උපාංග තව තවත් කුඩා වන්නට වන එක් බාදාවක් වෙමින් ඇති INPUT-OUTPUT හැකියාවන් ගේ ගැටලුව ඉන් විසදෙනු ඇත. “එක් දෙසකින් වේගයෙන් වැඩෙමින් ඇති ශිස්ථාචාර අසහනය මිනිස් වර්ගයා පෘතුවිය මතින් අතුගා දමන්නට තරම් දරුනු නොවීමේ කොන්දේසිය මත මෙම ඉලක්ක වෙතට ඔවුන් පැමිනීම කිසිවෙකුට වැලක්විය නොහැක”. දවසේ දේශන අවසානයේ සාමන්‍යයෙන් සිදුවන ‍ටුවිටර් සටහන එලෙස තබන්නට කටයුතු කලේ බොහෝ සිසු සිසුවියන් කියවන එම පනිවිඬය ඔස්සේ යම් අවදිකීරීමකට වන අවස්තාව වඩා ඵලදායීව කිරීම යුතුකමක්ම වන බැවිනි.

101246696-150337654.530x298

හැට අටවන කොටස..

     දුරස්ථ දේශකයෙකු ලෙසින් ඇරබෙන කෙටි කාලපරිච්ඡේදයේ ආරම්භක දිනය සාර්ථක එකක විය. උදෑසනම ඇයගෙන් සුබපැතීමේ කෙටි පනිවිඩයක්ද ජංගම දුරකථනයට බැරව තිබිනි. එකි නෙකා අතර පරතරය සැතපුම් දහස් ගනනක් වුවද ත්‍රිමනීයව හමුවන්නට අවශ්‍ය තාක්ශනය පහසුවෙන් යොදා ගන්නට හැකිව පැමින තිබීම මහත් පහසුවකි. හුදු ඡායා ලෙසට නොව වඩාත් සවිස්තර ආකාරයට පැමිනෙන එම ප්‍රක්ශේපනයන් එකිනෙකාගේ හැගීම් ආවේගයන් හඳුනා ගත හැකි තරමට පැහැදිලිව තිබිනි. දෙපැයක දේශනයන් දෙකක් එකි නෙකින් සැතපුම් දහස් ගනනක් දුරස්ථ ආයතනයන් දෙකක් සමගම සැලසුම්ව තිබුනු අතර එම ආයතනයන් දෙක වෙතින්ම පත්කර තිබූ භාහිර අධීක්ෂන ආයතනයන් දෙකෙන්ම සාර්ථක බව අගයන සහතික දෙපැයක් ඇතුලත පැමිනීම වඩාත් සැහැල්ලුවක් ඇති කරවන්නට විය. ” කලකට පසුව සුපුරුදු මහත්සේ ප්‍රියකරන ප්‍රදේශයක සැදෑ සක්මනකට අවස්තාව ලැබුනා වැනි සතුටක් දැනෙනවා” අවසානයේ ලද හැහැල්ලුව දුරකථන ඇමතුමක් සමගින් ඇය සමග බෙදා ගන්නට අවශ්‍ය විය.
සැදෑවේ අපගේ හමුව සුපුරුදු අවන්හලේදී යොදාගෙන තිබිනි. “ඔබ හොදටෝම නිහඬ වෙලා, මට වෙලාවකට ඒක මහත් අපහසුවක්!” ඇය සුහද චෝදනාවක් එල්ල කලාය. “අපි කාගෙත් ජීවිත රචනාවල හිස් පි‍ටු කලා තුරකින් හෝ තිබීම සාමාන්‍ය දෙයක්. ඒත් මට දැනෙනවා මම පසුකරමින් ඉන්නේ වඩාත් නිහඬ ජීවන ප්‍රදේශයක් බව. සමහර වෙලාවට ආශ්‍රමය, යාබද ගම්මානයේ හරයන්ගේ වඩාත් ගැබුරු අර්ථ පැහැදෙලි වෙමින් තිබෙනවා වැනි යමක් මට දැනෙනවා.ඇත්තෙන්ම මට මහත් සතුටක් සැහැල්ලුවක් දැනවා. හැබැයි ඒක මහත් පහන් හැගීමක්. මේ අපූරු මානසික අවකාශය ඔබත් සමග බෙදා ගන්නටත්, ඉන් පසුව ඒක වඩාත් කල්පනාවෙන් අකුරු කරන්නටත් අපි පටන් ගමු”. ඇයව වඩාත් ගැබුරු අවධානයන් යුත් පෙදෙසකට කැදවාගෙන යන්නට අවශ්‍යය. “අපට ස්පර්ශකල හැකි උපරිම අර්තය අකුරු කරන්නට මට අවශ්‍ය වෙලා තිබෙනවා. අපේ අවසාන සටහන සදහා තබන උප සවිස්තර මාතෘකව -අප ජීවිත සංචාරයේ උපරි සංෂිප්තය- ලෙසට නම් කරන්නට මම යෝජනා කරනවා”. ඇය සියල්ලට සවන් දෙන්නේ ධ්‍යානයකට සම වැදුනා ලෙසටය. “ඔබ දන්නවද, මට සමහර වෙලාවට මහත් බයකුත් දැනෙනවා. කාලය විසින් මේ අර්ථ වඩාත් පැහැදිලි වෙනකොට කියන්න වෙන්නේ මහත් සරල කෙටි අදහසක් පමනක් වේවි කියලා. මම කියන්නේ – ඒක මහ හිස් කඩදාසියක් විතරයි- වගේ යමක්. ජීවිතය නිර්මාණය කර ගෙන තිබෙන සංස්කෘතික අර්ථ එකින් ව්ක වේගයෙන් බල විරහිත වෙමින් යාම එක අර්ථයකින් මහත් සැහැල්ලුවක් සහනයක් වෙනවා සේම තවත් අර්ථයකින් මහත් හුදකලා වීමක්. මම දන්නවා ඔබ එක පාරටම යෝජනා කරාවි එසේ කීම මානසික බිඳ වැටීමක ලක්ෂනයක් කියලා. මට තේරෙන විදිහට ජීවිතයේ විවිධ අවස්ථාවලදී පැමිනෙන එකම අර්ථ දැක්වීම් පි‍ටුපසින් තියෙන්නේ විවිධ මානසික තලයන්.මට මතක් වෙනවා මෑතකදී මම නැරබූ වේදිකා නාටයයක පැමිනි දෙබසක්.”මේක මහත් දිග සිහිනයක් පමනී.අතර මැදදී අවධි උනොත් ඔබ තරගයෙන් ඉවත්කරනවා ඇත කියලා” බුදු දහම ගැන ඔබට අවබෝධයක් ඇති නිසාම මගේ අදහස හුදු පිස්සුවක් ලෙසට ඔබට නොවැටහෙතැයි මම සිතනවා”. සමහර වෙලාවට ඇය අර්ථ ග්‍රහනය කරගන්නේ විඳුලි වේගයෙනි. ඇය අපූර්ව සහකාරියකි.

true-gifts-friendship-1100836-TwoByOne

හැට හත් වන කොටස….

       මනසේ තීව්‍රතම අවකාශය අපුර්වතම මිනිස් අත්දැකීමකි. සමහර විට එය මිනිස් අවකාශයේ නිර්මානය වන අපූර්වතම අත්දැකීම විය හැක. “සහෞර්දයන් දෙදෙනෙකුගේ දෙබස් අතර හඬ නොනැගෙන, වර නොනැගෙන වචන අදහස් මෙන්ම මේ කිසිවකට අයත් නැතිදෑ බොහෝය. එහෙත් ඒවා අපතේ නොයයි. දෙදෙනාම ඒවා මනාව තේරුම් ගැනීම සහෞර්ද බව යැයි කියනු ලැබේ”. අවසන් වර ආශ්‍රම සංස්චාරය ස්ථීර බවට පැවසූ දා සැදෑවේ ඇය යොමු කර තිබූ ඉලෙක්ට්‍රොනික කෙටි පනිවිඬයක් එලෙස විය. “එතකොට ඔබ යෝජනා කරන්නේ විෂය පථයකින් තොරව සටහන් ඉදිරියට යායුතු බවද? එතකොට අපි ඉදිරියට පැමිනෙන්නේ අනන්ත අවකාශයක්. අපට හැකිවේවිද මේ බුද්ධිතලය හොදින් කලමනාකරනය කරමින් අලුත් මතවාදයක් නිර්මාණය කරන්නට. මම කියන්නේ.. මිනිස්සුන්ට වඩාත් ශක්‍යතාවයක් තියෙන නව අර්ථ යෝජනා කරන්නට”. මනාව සුසරවූ මනස දෑ ග්‍රහනය කර ගන්නේ මෙන්ම විග්‍රහ කෙරෙන්නේ විදුලි වේගයනි. වසර සිය ගනනක් මිනිස් වර්ගයාගේ කායික මානසික ශක්තිය අපමනක් ඔස්සේ පිවිසෙන්නට බැරිවූ බුද්ධි අවකාශ ක්ශනයෙන් විවර වන්නේ මෙතක් කල් නිසි අවධානයකින් තොරව මුත් සිතුවිල්ලක දුරින් තිබු බව පසක් කරමිනි. ” මම හිතනවා.. කොහොමත් අපිට ඒ ඔස්සේ ආර්ථික අරමුනු නොමැති වීම විශාල ශක්ති ප්‍රමානයක් ඉතිරිකර දෙන නිසාම…”
දිගු පා-මාවත සම්පූර්න වටයක්ම අප අවසන් කරමින් සිටී. කෙමෙන් මැකෙමින් ඇති හිරු මඬල අවසන් කෙදි දහර තුරු ගොමු මුදුනතෙහි දැවටෙන්නේ සිත් ප්‍රබෝධමත් කරන රු රටා මවමිනි. පසක වූ අසුනකට ආරාධනා කල මම ඔබ්බෙන් වූ කුඩා අවන්හලෙන් බීමට මද උනුසුම් යමක් ගෙනෙන්නට ඒ වෙතට ගොඩ උනෙමි. එහි වන සේවක මහතුන්ගේ ප්‍රබෝධමත් බව දවසේ වෙහෙසින් අඩපනකර දමන්නට නොහැකී ඇතුවා සේය. ප්‍රබෝධමත් සිනාවේ සිට ක්‍රියාකාරීත්වය දක්වා එය තවමත් සංක්‍රීයව ‍රැදී තිබීම පැමිනෙන්නන් වෙතටද මහත් සහනයකි. වරක් ඇයද මේ බව පැවසුවා මතකය.”ඔබ දන්නවාද මම මේ නගරයට වඩාත් කැමති මෙහි මිනිසුන් බොහෝ ප්‍රදේශවලට වලට වඩා ප්‍රබෝධයෙන් හැසිරෙන නිසා. සමහර වෙලාවට ඔවුන් ඉවර නොවන ශක්ති ගබඩා වාගෙයි කටයුතු කරන්නේ. මේ වාගේ මිනිසුන් හට සේවය කරන්නට ලැබීමත් මහත් ප්‍රබෝධයක්”

1

හැටහය වන කොටස

       මිනිස් සුසංයෝගයන් යනු සරලව හැමවිටම ගත නොහැකි වනවා විය යුතුය. සමාන මිනිස් රසායනයන් එකිනෙකා හමුවිම විශ්වයේ සිදුවිය හැකි තවත් අපූරු අත්දැකීමකි. හැදෑරීම් ප්‍රිය එවන් දෙදෙනෙකු, නෙත්මානයට විහිදෙන නිදහස් පරිසරයක් පසුබිම්ව, අනන්තය තෙක් විසිරෙන්නට අවකාශ ඇති විෂයන් ගොනුවක සමග දෙබසකට පිවිසීම ආරම්භයේ විශ්වයේ සිදුවුනා යැයි විස්වාස කරනා Big Bang තරම්ම තීරනාත්මක විය හැක.සමහර විටක එය ඔවුනගේ ලෝකයේ තීරනත්මක සිදුවීමකට සීමා නොවී සමස්ථ මිනිස් වර්ගයා වෙතටම දැනෙන යමක් වීමේ මහත් බලයක් සහිත වනවාද විය හැක. වරක් අප අධ්‍යාන ආයතනයක විවෘත දේශනයක් සදහා පැමිනි විද්වතෙකු පැහැදිලි කල “හදිස්සියේම මනසේ කවරදාවත් නොගිය දෙසකට වැදුනු විදුලි පහන් ආලෝක ධාරාවක්” ලෙසට ලෙසට හැගෙන්නටද හැකිය. ප්‍රථමවතාවට ආශ්‍රමය වෙතට ගොස් පැමින කල සටහන් පෙලෙහි වූ සටහනක් දැන් වඩාත් පැහැදිලිය. “ඔබට මෙහි වන බොහෝ අපූරු දෑ පැහැදිලි කල හැක. ඇත්තෙන්ම මම කවුද යන්න හැර අන් බොහෝ දේ පැහැදිලි කල හැක” යන්න එයය. – පිටත අවකාශය පැහැදිලි වීම අභ්‍යන්තර අවකාශය තවත් දුරටත් වලංගු නොවීම ආරම්භ වීමය- ලොකු ස්වමීන් වහන්සේ මද සිනාවක් සමග ජීවිතය මත තැබූ අවසානයක් නොමැතිව දිග හැරෙමින් ඇති තවත් සටහනකි එය.
“ඔබට මා සමග දෙබසකට වඩා ඔබත් සමගම බොහෝ දෙබස් තිබෙනවා වගෙයි” නැවත වතාවක් ඇයට මා අවදිකරවා ගන්නට සිදුවාය. ” මම හිතන්නේ ආශ්‍රමයේ සිදු වන්නේ කුමක්ද යන්න දැන් ඔබට වඩාත් වැටහෙනවා විය යුතුයි. භාෂාවට ඔබ්බෙන් වන යමක් භාෂාව ඔස්සේ විමසන්නට සිදුවීමේ අමිහිරි අත්දැකීම වෙතට අපි පිවිසෙමින් ඇති බව මට වැටහෙනවා. මම හිතන්නේ ඔබටත්…” දහම ගැන වන බොහෝ දෑ සාකච්චාවට වඩා වැදගත් වන්නේ තමන් තුලින්ම පැමිනීමට ඉඩ හැරීමය. එහි සැබවින්ම පිටපත් නැත. නමුත් බොහෝ දෙනා සොයන්නේම පිටපත්ය. ගැටලුව වඩාත් සංකීර්න වන්නට පටන් ගන්නේ එතැනින් වුවත් භාහිර පිටපතකින් තොරව ඔවුනට තමන් කියාවා ගන්නට බැරිය.වඩාත් අවාසනාවන්ත ලෙසට ඔවුන් දහම තුලද අනුන්ගේ අත්දැකීම් සොයයි. ක්‍රමයෙන් කිසි දිනක තමන්ව සොයා ගන්නට බැරිවන ලෙසට තමන්වම ම මංමුලා කර ගනී.

wwwwolivia_manning2-300x200

හැට පස්වන කොටස…

          “දහමක් හා සංස්කෘතියක් අතර පරතරය වඩාත් බලාත්මකයි අපි ඒ දෙස බලන තැනට අනූව. හිතන්න හැම ආගමකට පාහේ අවශ්‍ය වන්නේ මීලග ජීවිතය වඩාත් අපූරු තැනකට තැනකට පැමිනෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. බොහෝ වෙලාවට එය ජීවිතය අර්ථද ක්වන්නේ ඒ සදහා සූදානම් වන්නට සුදුසුම අවස්ථාව ලැබී ඇති ලෙසටයි. ඒත් මම හිතනවා බිහිවීමට පෙර පැහැදිලි නැති බිඳවැටීමට පසු පැහැදිලි නැති හිස් කඩදාසියක් වගේ ජීවිතය නම් ගොඩ නැගීම සමග පැමිනෙනේ නැති අර්ථ බොහොමයක් ඒ ඔස්සේ නිර්මාණය කරගන්නට මිනිස් වර්ගයාට හැකි වෙලා තිබෙනවා. දහම ඔස්සේ ඔවුන් උත්සාහ කරලා තිබෙනවා මේ හරිම වේදනාකාරී අඩුව පුරවා ගන්නට. හැබැයි ඒ අඩුව පුරවා ගැනීමේ ක්‍රම වේදය ඔස්සේ ඔවුනට පුලුවන් වෙලා තිබෙනවා හැම සංස්කෘතියකම පදනම වන්නට.හැබැයි ඒ සංස්කෘතීන් වෙතින් එහි ඇති කිසියම් හෝ දහමක් මුලුමනින් ගලවා දමන්නට කවදාවත් මිනිස් වර්ගයාට හැකි වෙන එකක් නැහැ. ඒත් මේ බොහොම දහම් වල පදනම දිවෙන්නේ පෙර කී ආකරයේ සංස්කෘතික අවශ්‍යතා සපුරලන ආකාරයට නොවීම පැහැදිලිව දකින්නට පුලුවන්. දහම වැඩෙන්නේ නැති වුනාට සංස්කෘතියට වැඩෙන්නට සිදුවෙනවා. උදාහරනයකට බලන්න බිහිවේලා තිබෙන අනාගතය ගැන වන සිනමා නිර්මාන ගැන. නිර්මාණාත්මක පොත්පත් දිහා. ඒවා තුල මහත් පාලු බවක් ජීවයෙන් තොරබවක් බොහෝ අයට දැනෙන බවට අදහස් පලවනවා. ඔවුන් බොහෝ විට කියනවා හරීම කෘතීම බවක් දැනෙන බවක් ඒ නිර්මාණ තුල. මම හිතනවා දැන් ඔබට ගැටලුව පැහැදිලියි කියලා. එක විදිහකට බුදු දහම වෙනස් මගක් ගන්නේත් මෙතැනදීයි. ලොවපුරා තියෙන බොහෝ දහම් වඩාත් වාර්ථක මිනිස් ගොඩනැගීමකට සහය වනවා වන කොට බුදු දහම එම ගොඩ නැගීම නැවත විමසන්නට ආරාධනා කරනවා. තත්වය වඩාත් සංකීර්න කරමින් එය සමස්ථ ලෝකයේම පදනම වන “මම” නැවත විමසන්නට හා විමසමින් ආපසු ගමනක් යන්නට ආරාධනා කරනවා. සමහර විටක දහමක් කියන්නේ කුමක්ද වැනි මූලික අර්ථ දැක්වීම් වලින් වෙනස්ව බුදු දහම අර්ථ දක්වන්නට සමහරුන් උත්සාහ කර ඇත්තේ මේ නිසා වන්නට ඇති. සංකීර්නව විමසනකොට තේරෙන කාරනයක් තමයි ලෝක ආධිපත්‍ය සංස්කෘතිය වඩාත් විසිරීම බහුලකරවන අන්තර්ජාලය වැනි භාවිතාවන් එක්ක තත්වය වඩාත් ව්‍යාකූල වන බව.” හැකි පමනින් තත්වය විග්‍රහකර දෙන්නට මම උත්සාහ කලෙමි. සිතුවමක, හඬ පැබැදුමක් සමග මෙන්ම බුද්ධිමය කාරනයක් සමගද හොරාවක් දෙකක් උවත් සමවැදී සිටින්නට ඇය සමතියකි.